සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට සමත් වූයේ නායක චරිත් අසලංකයි.
ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 45ක්.
ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලබාගැනීමට සමත් වූ අතර පවන් රත්නායක ලකුණු 19ක් ලබාගත්තා.
පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 26 බැගින් ලබාගැනීමට සමත් වූ අතර දුනිත් වෙල්ලාලගේට ලබාගත හැකි වූයේ ලකුණු 20ක් පමණයි.
ජනිත් ලියනගේ ලකුණු 12ක් ලබාගත්තා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට අවස්ථාව ලැබුණේ නෑ.
පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජැමී ඔවටන්, අඩිල් රෂීඩ් සහ ජෝ රූට් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
ලියෑම් ඩවුසන්, විල් ජැක්ස් සහ රෙහාන් අහ්මඩ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 220ක් ලබාගත යුතු වනවා.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේදී පැවැත්වෙනවා.













