කන්කසන්තුරේ සිට ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් දක්වා ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවාකාලිකව නතර කර තිබෙනවා.
එළඹෙන දෙසැම්බර්මාසාය දක්වා බෝට්ටු සේවය නතර කිරීමටයි ඒ අනුව තීරණය කර ඇත්තේ.
එම මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වසර 41ක විරාමයකින් පසු, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා, මෙම ජාත්‍යන්තර මගී නෞකා සේවය ආරම්භ කළා .
මගීන්ට දැරිය හැකි මිලකට මෙම සේවාව නැවත ආරම්භ කරනු ලබුවේ ඉන්දීය රජයේ මූල්‍ය සහාය ද ඇතිවයි.
යලිත් ආරම්භ කෙරුණු මෙම සේවාව අවස්ථා කිහිපයකදී මෙලෙස තාවකාලිකව නතර කරනු ලැබුවා.
මෙම කාලය තුළ යාත්‍රාවේ ආසන ධාරිතාව මගීන් 150 සිට 186 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරමින් පවතින බවයි වාර්තා වන්නේ
ශ්‍රී ලංකාවේ සිට සහ ඉන්දියාවේ සිට දෛනිකව සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම නෞකාවෙන් ගමන් කරන බවද වාර්තා වනවා .
කාලගුණය අනුව දෙසැම්බර් මාසයේදී සේවය නැවත ආරම්භ කරන දිනය දැනුම් දෙනු ඇති.










