ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට පුර්ණ සහය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.
එහි සභාපති මසට්ගුසු අසකාවා මහතා , මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවු අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
මෙරට ක්‍රියාකාරී ආර්ථික සැලස්ම මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇගයීමට ද ලක්කළා.
ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මෙරට ආර්ථික ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ 57 වන වාර්ෂික සමුළුවට සහභාගිවීම සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාස් සේමසිංහ මහතා ජෝජිවාවට ගොස් ඇති අතර එහිදීයි මෙම හමුව සිදුව ඇත්තේ.