ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
Asia Exhibition Conventions (Pvt) Ltd (AEC) අඛණ්ඩව 02 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම අභිමානවත් මෝටර් රථ ප්‍රදර්ශනය බොහෝ දෙනෙකු අතර පිළිගැනීමට සහ ජනප්‍රියත්වයට පත් වී ඇති බැවින් මෙවරත් දහස් ගණනක පිරිසක් එය නැරබීමට පැමිණෙනු ඇති අතර එහිදී මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රධානතම සමාගම් වල නියෝජිතයන් සමඟ සම්බන්ධ වීමට ඔවුන්ට හැකියාව පවතිනවා.
මෙම ප්‍රදර්ශනය ජුනි 27 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.