2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් .
ඒ හේතුවෙන් මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් ඒ සදහා සුදානම් වෙමින පසුවන බවයි වාර්තා වන්නේ .
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
බොහෝ රටවල් වෙනත් රටවල් සමග විස්සයි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරමින් තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට උත්සාහ දරන අයුරු ද දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත්, ලෝක කුසලානයට පෙර රටවල් රැසකට තවත් කිසිදු ජාත්‍යන්තර විස්සයි 20 තරගයක් ක්‍රීඩා කිරීමට අවස්තාව නොතිබීම ද විශේෂත්වයක්.
ඒ අනුව ඔස්ට්‍රේලියාව , බංගලාදේශය , ඇෆ්ඝනිස්තානය , අයර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සදහා ලෝක කුසලාන තරගාවලියට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට අවස්තාව හිමි නොවනු ඇති .
කෙසේ වෙතත් මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට මෙරටදී පාකිස්තානය සහ එංගලන්තය සමග තරග තුන බැගින් වූ විස්සයි විස්ස තරගාවලි දෙකකට ක්‍රීඩා කිරීමටද අවස්තාව හිමි වනවා.
එමෙන්ම ඉන්දියාව , දකුණු අප්‍රිකාව , නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ජාත්‍යන්තර තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.













