මෙවර ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන් වනවා.
ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමි සදහන් කළේ, ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාවන් හෙට දිනයේදී පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා වඩම්මවනු ලබන බවයි.
ඒ අනුව රත්නපුර පලාබද්දර මාර්ගයේත්, හැටන් නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල මාර්ගයේත්, නල්ලතන්නිය බගවන්තලාව බලන්ගොඩ මාර්ගයේත්, සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාවන් ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා වඩම්මවා චාරිත්‍රානුකූලව ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එහි තැම්පත් කෙරෙනු ඇති.
එමෙන්ම ශ්‍රීපාද අවාරයේදි විදේශීය සංචාරකයන් සදහා ශ්‍රීපාදස්ථානය සංචාරය කිරීමට නල්ලතන්නි පොලිසිය දැනුවත් කර යෑමට අවසර ලබා දී තිබෙනවා.
ඊට අමතරව දේශීය සංචාරකයින්ට ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අයදුම්පත් ඉදිරිපත් කර අවසර ලබාගැනීමෙන් අනතුරුව නල්ලතන්නි පොලිසියට අවසර පත ඉදිරිපත් කර ශ්‍රීපාදය කරුණා කිරිමට අවසර දී ඇති බවයි ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් අවධාරණය කළේ.