Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රි ලාංකිකයින් 5000කගේ දකුණු කොරියානු සිහිනය සැබෑවෙයි

    ශ්‍රි ලාංකිකයින් 5000කගේ දකුණු කොරියානු සිහිනය සැබෑවෙයි

    2023-10-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 5091 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

    2022 වසරේ මුල් මාස 9 තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවූ ශ්‍රි ලාංකිකයින් ගණන 3460 ක් වන අතර, එය මේ වසරේ මුල් මාස නවය හා සැසදීමේදී රැකියා සඳහා පිටත්ව යාම 44% න් වර්ධනය වී ඇති බවද, අමාත්‍යවරයා සඳහන් කළා.

    අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිල සංචාරයක් සඳහා ඊයේ දින (2023.10.03) දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, එම සංචාරය අතරතුරදී ශ්‍රි ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද  නියමිතයි.

    මේ අතර, ඊයේ (2023.10.03) රාත්‍රි 8.50ට UL 470 දරණ ගුවන් යානයෙන් තවත් ශ්‍රි ලාංකිකයින් 54 දෙනෙකු දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා සහ අද දින (2023.10.04) රැකියා ලාභීන් 36 දෙනෙකු නිශ්පාදන හා ධීවර අංශයේ රැකියා සඳහාද පිටත්ව ගියා.

    2023 වසරේ දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතුරින් රැකියාලාභීන් 3976 දෙනෙකු දකුණු කොරියානු භාෂා පරීක්ෂණය සමත්ව රැකියා සඳහා පිටත්ව ගිය පිරිස වන අතර, 1115 දෙනෙකු මීට පෙර දකුණු කොරියාවේ සේවය කර යළි සේවය සඳහා පිටත්ව ගිය (Re-entry) පිරිසට අයත් වේ.

    මෙම වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 4991ක් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර, ශ්‍රි ලාංකික තරුණියන්ද වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් වර්තමානයේදී ඇති වී තිබෙනවා.

    ඒ අනුව තරුණියන් 100 දෙනෙකුද මෙම කාලය තුළදී දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

    ඒ අතුරින් නිශ්පාදන ක්ෂේත්‍රය සඳහා පිරිමි ශ්‍රමිකයින් 4100දෙනෙකු හා කාන්තාවන් 98 දෙනෙකු ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා පිරිමි ශ්‍රමිකයින් 147 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ.

    දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිරිමි ශ්‍රමිකයින් 741 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු යොමුවී තිබෙනවා.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ.

    එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. එතෙක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබූ කොරියානු රැකියා සඳහා පිටත්කිරීම, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමත් සමග කඩිනම් කරන ලදී.

    පෙර පුව​තහොර හරක් ජාවාරම්කරු කොටු
    ඊළඟ පුව​ත මුලතිව් මහේස්ත්‍රාත්වරයාට යුක්තිය ඉල්ලා යාපනයේ මිනිස් දම්වැලක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group