දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂි බන්ධනාගාර ගතකරනු ලැබුවේ අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද ඔහුගේ කාර්යාලය සදහා අනීතික ලෙස රුපියල් අසූ අට ලක්ෂ 50,000 ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීමේ චෝදනාවටයි.