ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සතියේ හිල්ටන් හෝටලයේ පැවැති එම සංගමයේ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තෝරා පත් කර තිබෙනවා
මෙම සංගමය රජයේ රෝහල් පමණක් නොව පුද්ගලික රෝහල්වල වෛද්‍ය පරිපාලකයන්ගෙන් සමන්විතය. වසර 31 ක් පැරණි මෙම සංගමයේ මේ වනවිට සාමාජිකයන් 450 ක් පමණ සිටින බවටයි වාර්තා වන්නේ
සාමාජිකත්වය ලබාදෙනුයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන අයට පමණක් වන අතර එම සංගමයේ සභාපතිවරුන් ලෙස මීට පෙර වෛද්‍ය අනිල් ජයසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ යන මහත්වරුන් කටයුතු කර තිබෙනවා