පාසල් රග්බි ලීග් තරගාවලියේ ඒ කාණ්ඩයේ හයවන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා.
එහිදී පසුගිය සිකුරාදා පැවති තරගයෙන් ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 13ට 10ක් ලෙස පරාජය කරමින් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාල ජය ගැනීමටයි සමත් වුණේ.
මේ අතර පසුගිය සෙනසුරාදා දිනයේ තරග 3ක් පැවැත්වුණා.
එහිදී පළමු තරගයෙන් වෙස්ලි විද්‍යාලය ලකුණු 24ට 11ක් ලෙස පරාජය කරමින් ඉසිපතන විද්‍යාලය ජය ගනු ලැබුවා.
මේ අතර දෙවැනි තරගයෙන් ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 29ට බිංදුවක් ලෙස විද්‍යා විද්‍යාලය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුණා.
මෙහිදී පැවති තවත් තරගයකින් 13ට 10ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජයට පත් කරමින් ජය ගනු ලැබුවේ ත්‍රිත්ව විද්‍යාලයයි.
මේ අතර ඊයේ දිනයේදීද තවත් තරග දෙකක් පැවැත් වුණා.
එහිදී පළමු තරගයෙන් කිංග්වුඩ් විද්‍යාලය ලකුණු 10ට 26ක් ලෙස පරාජයට පත් කරමින් ශාන්ත අන්තෝනි විද්‍යාලට ජය ගනු ලැබුවා.
මෙහිදී දෙවැනි තරගයෙන් විද්‍යාර්ත විද්‍යාලය ලකුණු 03ට 23ක් ලෙස පරාජයට පත් කරමින් ජය ගනු ලැබුවේ සහිරා විද්‍යාලයයි.
උණුසුම් පුවත්
- සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
- තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
- විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි
- ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ආයෝජනයට මැලේසියානුවන් දෙදෙනෙක් දිවයිනට
- පේරාදෙණිය සරසවියේ සිසුන්ට පහරදුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
- නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
- ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
- අහංගල්ලේදී කාන්තාවක් ඝතානය කරයි – තවත් කාන්තාවකට තුවාල













