වෙසක් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කර ඇති වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව 12 සහ 14 දින දක්වා දින 3ක් මත්පැන් අලෙවි සැල් වසා තබන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එනෙන්ම 11 දින රාත්‍රීයේ සිට 15 දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා එම නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ.