වෙඩි වැදීමක් හේතුවෙන් සීදුව කොටුගොඩ ප්රදේශයේදී පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්. අදාළ පුද්ගලයා තවත් අයෙකු සමග මෝටර් රථයකින් ගමන් කර ඇති අතර කොටුගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් එම රථය පරික්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී ඔහු පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමටයි උත්සාහ දරා ඇත්තේ.
එම අවස්ථාවේ දී එම අවිය ක්රියාත්මක වී අදාළ නිලධාරියාගේ පාදයකට හා උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබෙනවා.
පාඩුව දෙදෙනාම මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
උණුසුම් පුවත්
- පොලීසියෙන් මහජනතාවට කෙටි දුරකතන අංකයක්
- උතුරේ ඉඩම් නැවත ජනතාවට ලබා දීමට පියවර
- උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- දකුණු අප්රිකානු ක්රීඩිකාවෝ අවසන් සටනට
- හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පෙත්සම විභාගයට නව විනිසුරු මඩුල්ලක්
- ලාංකිකයින් 3065ක් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ සූදානමක්
- මාවෙයි සේනාධිරාජාට ජනපතිගේ අවසන් ගෞරව
- උපුල් තරංගට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 10 වනදාට