යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකු වෙත වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මරදාන, කෝවිල්වත්ත ප්‍රදේශයේදී අද(14) අලුයම් කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
නමුත් අදාළ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.
නිවසේ සිටි පුද්ගලයා එම අවස්ථාවේ නිවසෙන් පලාගොස් දිවි බේරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයේන විමර්ශන ක්‍රියාත්මකයි.