පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේදී නාඳුනන යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කිරීමට ගිය වෙඩි ප්‍රහාරයක් ව්‍යාර්ථ වී ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ අද පෙරවරු අටට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
වෙඩික්කරුවන්ගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි තැබීමේ උත්සාහ ව්‍යර්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.
මත්කුඩු ජාවාරමක නිරත දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට සැක කරන බවයි පොලිසිය කියා සිටියේ.
පානදුර අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.