ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීථි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට සිට ආරම්භ වන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය පැවසුවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහත්මිය කියා සිටියේ.
ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීථි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාව මාසිකව ලබා දීමට කටයුතු කරලා තිබෙන බවත් මෙම 5,000 දීමනාව රට පුරාම ළමා සංවර්ධන මධ්‍යස්ථාන 306ක ජීවත් වන ළමුන් 9,191ක් සඳහා හිමිවන බවත්ය.
එමෙන්ම මෙම ළමුන් සඳහා ලබා දෙන ප්‍රතිලාභයෙන් රුපියල් 3,000ක් ළමයින්ගේ භාරකාරත්වය දරන ආයතනවල භාරකාරීත්වයට පැවරෙන බවත් රුපියල් 2,000ක් ‘අර්ථ’ යන ගිණුමට තැන්පත් කරන්නේ නම් ඔවුන්ට අවුරුදු 18ක් සම්පූර්ණ වූ පසු ඉදිරි අනාගතය සඳහා මෙම රුපියල් 2000 මුදල ලබා ගත හැකි බවත් ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියා.