විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කලා.
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවද, ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර බවද, එම සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කලා.
එම තොරතුරු සැලකිල්ලට ගනිමින්, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ
එමෙන්ම අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ වන විටත් එම කටයුතු ආරම්භ කර ඇති අතර, අද දිනයේ සාකච්ඡා කළ කරුණුද සැලකිල්ලට ගනිමින් කඩිනම්ව එම කටයුතු අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.











