Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදයි

    විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදයි

    2023-03-01කියවීමට මිනිත්තු 3ක් ගතවේ.127 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදට(01) යෙදී තිබෙනවා.

    අසූ දශකයේ මුල් භාගයේදී රට් පැවැතී සමාජයීය තත්ත්ව මත පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම, ප්‍රභූ ඝාතන සිදු කිරීම වැනි ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විහේෂ හමුදා පුහුණුව සහිත ඒකකයක අවශ්‍යතාවය දැඩිව මතු විණි.

    එහෙයින් පළමුව ශ්‍රී ලංකා පොලිසියෙන් තෝරා ගන්නා ලද පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට යුද පුහුණුවකින් පසු SAS හෙවත් විශේෂ ප්‍රහාරක ඒකකය ආරම්භ කෙරුණි.

    කෙසේ වෙතත් එම නිලධාරීන්ට විහේෂ යුද පුහුණුවක් ලබාදීමට තීරණය කරන ලද්දේ විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘ දිවංගත රවී ජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව 1983 මාර්තු 01 වැනිදායි.

    ඒ අනුව බ්‍රිතාන්‍ය කිණිමිණි සර්විස් හෙවත් SAS(Special Air Service Regiment) විශේෂඥ පුහුණු උපදේශකයන් යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරම්භක සාමාජිකයන් විශිෂ්ඨ පුහුණුවක් ලැබීය.

    පුහුණුවෙන් අනතුරුව සංග්‍රාම භූමියට පිවිසි මරණයට බය නැති විරෝ ලෙස විරුදාවලිය ලත් විහේෂ කාර්ය බලකායේ අභීත විරුවෝ අණසක පතුරුවන්නට විය.

    හතළිස් වසරක පුරාවට ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ටතම නිලධාරීන්ගෙන් සමන්විත දෙස් විදෙස් ගෞරවාදරයට පත්වූ කොළ පැහැති හිස් වැසුම (Green Beret) පලඳින අමෙරිකාවේ නිෂ්පාදිත අතිනවීන M16 ගිනි අවිය අත දරන දකුණු ආසියාවේ විශිෂ්ටම අතුරු හමුදාව පොලිස් විශේෂ කාර්ය බළකායයි.

    ඒ අනුව 1983 මාර්තු මස 01 වන දින ආරම්භ කරන ලද විශේෂ කාර්ය බලකාය මාතෘ භූමියේ සෛවරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දශක තුනක මව්බිම වෙලාගත් යුදගිනිදැල් වලින් ලක්මව මුදාගැනීමට ත්‍රස්තයන් මවිත කරමින් දස්කම් පෑමට සමත් විය.

    මෙතෙක් විශේෂ කාර්ය බළකාය ආ ගමන් මගේ එහි මුල්ම අණදෙන නිලධාරී ලෙස පොලිස් අධිකාරි බෝධි ලියනගේ මහතා කටයුතු කළ අතර දහතුන්වන අණදෙන නිලධාරීන් ලෙස වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්ය බළකායේ නියමුවාණන් ලෙස අද්විතීය නායකත්වයක් ලබා දෙයි.

    ආශ්‍රීත පුවත්:  ජෝන් කොල්ලා අල්ලයි

    විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 464 දෙනෙක් සහ සුළු සේවක මහතුන් හය දෙනෙක් දිවි පුදා ඇති අතර නිලධාරීන් 774 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

    වර්තමානයේදී අධිවේගී මාර්ගවල ගිනි නිව්ම් හා ජීවිත ගලවා ගැනීම් ඒකකක්යක්ද අධිආරක්ෂිත බන්ධනාගාරවල සෝදිසි හා ආරක්ෂක රාජකාරීවලට අමතරව නවීන තාක්ෂණය මුසු ඩ්‍රෝන මෙහෙයුම් ඒකකයක්ද ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජල තීරයන් හි සිදුවන මත්ද්‍රව්‍ය මෙන්ම අනෙකුත් නිති විරෝධී ක්‍රියාවන් මැඩලීම සඳහා දියමිත මෙහෙයුම් ඒකකයක්ද හදිසි අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වන විශේෂ අවි හා උපක්‍රමික කණ්ඩායමක්ද ඇසුරු සැණින් අරමුණට ලංවන සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමක්ද සෝදිසි හා බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමකින්ද විකිරණශීලී ප්‍රභවයන් ආරක්ෂා කිරීමේ විශේෂ ඒකකයක්ද ලෙස ක්‍රියාත්මක වන බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

    වර්තමානය වන විට දිවයින පුරා කඳවුරු 74කින් සමන්විත වන විශේෂ කාර්ය බලකාය මුළු දිවයිනම ආවරණය කරනු ලබනවා.
    එසේම නිලධාරීන් අට දහසකට ආසන්න පිරිසක් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ප්‍රමුඛව ක්‍රියා කරමින් සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම, නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම, ජාත්‍යන්තරය දක්වා දිව යන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාල අඩපණ කරමින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම, ප්‍රභූ ආරක්ෂාව, ස්වභාවික පරිසර සම්පත් ආරක්ෂා කරමින් අනාගත දායාදයන් සුරැකීම, ස්වභාවික විපත්වලදී අභීතව ක්‍රියාකිරීම, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට නිරන්තරයෙන් සහයෝගය ලබාදෙමින් මහජන ජීවිත හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් වගවීමෙන් හා වගකීමෙන් ක්‍රියා කරන බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

     

    40th anniversary of stf Police Special Task Force Special Task Force STF stf sri lanka පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ කාර්ය බලකාය
    පෙර පුව​තමුදල් නොමැති වුවත් මැතිවරණය පවත්වන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
    ඊළඟ පුව​ත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 330ක්

    සබැ​ඳි පුවත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group