අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹි බවයි.
මෙම ගිවිසුමට අනුව වියට්නාමයේ සිට අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සදහා සියයට 20ක තීරු බද්දක් අය කරන බව ඔහු සදහන් කළා.
වියට්නාමයට සියයට 46ක තීරු බදු පනවන බව මීට පෙර ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම වියට්නාමයේ සිට සිදු කරන ඕනෑම ප්‍රතිනැව්ගත කිරීමකදී සියයට 40ක තීරු බද්දක් පැනවෙන බව ද අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම ගිවිසුමට අනුව අමෙරිකාවේ සිට වියට්නාමයට ආනයනය කරන භාණ්ඩ සදහා තීරු බදු අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා.