හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවක් ජුනි මස 23 වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා.
2016 වසරේ එවකට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා පැමිණි අවස්ථාවේ කොළඹ ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට මංමාවත් අවහිර කරමින් උද්ඝෝෂණ කළ බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ අද කැඳවුවා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයේ පසුවන බැවින් වෙනත් දිනයක් ඉල්ලා සිටියා.
ඒ අනුවයි නඩුව 23 වනදාට කල් තැබුවේ.