ජනාධිපතිවරයාගේ නියමය පරිදි පසුගිය දින කිහිපයේ සිටම සහල් ගබඩා සහ සහල් මෝල්වල දිනකට නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය සහ වෙළඳපොළට යොමු කරන සහල් ප්‍රමාණය මෙන්ම පාලන මිල පිළිබඳව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ විමර්ශනයට ලක් වෙමින් පවතිනවා.
ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් මරඳගහමුල විශේෂිත සහල් තොග වෙළඳ මධ්‍යස්ථානයේ සහල් තොග පරීක්ෂාවට ලක් කළ අතර, රජයේ සහතික මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන ලෙස වෙළෙඳුන්ට එහිදී උපදෙස් ලබා දුන් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
එමෙන්ම බදුල්ල, අනුරාධපුර, හැටන් ඇතුලු ප්‍රදේශ කිහිපයකම සහල් ගබඩා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණා.