හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු එම සංචාරක හෝටලයේ කාමරය තුළ මියගොස් ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට කොටගල දක්වා සංචාරයක් සඳහා පැමිණි රියන්සි පිල්ලේ නමැති 60 හැවිරිදි අයෙකි.
තම මිතුරෙකු සමග සංචාරක හෝටලයට ඊයේ(05) පස්වරුවේ පැමිණි මියගිය පුද්ගලයා එම සංචාරක හෝටලය තුළ මිතුරා සමග මත්පැන් පානය කර හෝටලය තුළ බිම වැටෙන ආකාරය එම හෝටලේ සවිකර ඇති ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබෙනවා.
බිම වැටුණු පුද්ගලයා යිත් කාමරය වෙත ගොස් අද(06) දින අලුයම අවදි නොවීම නිසා හෝටලයේ සේවකයෙකු විසින් ඒ සම්බන්ධව දිඹුලපතන පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු හෝටලය වෙත පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා හෝටලය තුළ මියගොස් ඇති බව පොලිසිය විසින් ගැනුණා.
මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් ස්ථාන පරීක්ෂණය අද(06) දින පස්වරුවේ පැවැත්වූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා සිරුර දික්ඔය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා.