පක්ෂයේ විනය කඩ කළ මන්ත්රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වී වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීම් හා ගිවිසුම්වලට එළඹි මන්ත්රීවරුන් සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා සදහන් කළේ.
මේ අතර පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුර සදහා සුදුස්සන් පත්කිරීමට ද මෙම රැස්වීමේදී තීරණය කර තිබෙනවා.