විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ සිය සහතිකය සටහන් කර තිබෙනවා .
විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට අදාළව ඊයේ පැවති දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුවයි කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලා ඇත්තේ .
ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා .
මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගිය 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා .
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 6 දරන විදේශ ණය ඉවත් කිරීමේ පනත වශයෙන් බලාත්මක වනු ඇති.