විදේශ අමාත්‍ය විජිත හේරත් කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවී තිබෙනවා.
මෙරට දැඩි විරෝධය හමුවේ කැනඩාවේදී ස්මාරකයක් ඉදිකර විවෘත කිරීම සම්බන්ධයෙන් නැවත අවධාරණය කිරීම සඳහා අමාත්‍යවරයා අද කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමු වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කලේ
කැනඩාවේ බ්‍රැම්ප්ටන් හි චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිර මීට දින කිහිපයකට පෙර විවෘත කෙරුණා.
ඒ සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය ප්‍රකාශ කොට තිබුණා.