විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සදහන්.
ඒ අනුව විදෙස් පුරවැසියෙකුට මාසයක කාලසීමාවක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී මෙතෙක් අය කළ රුපියල් 2,000ක මුදල රුපියල් 15,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.
එමෙන්ම මසකට වැඩි සහ මාස දෙකක් දක්වා කාලසීමාව සඳහා රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී අය කරනු ලබන මුදල රුපියල් 21,000 ක් බව සදහන්.
මාස දෙකකට වැඩි සහ මාස 6 ක් දක්වා කාලසීමාවක් සඳහා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අය කරනු ලබන මුදල රුපියල් 30,000 ක් වනවා.
මේ අතර මාස 6 කට වැඩි සහ මාස 12 ක් දක්වා කාලසීමාවක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අය කරන මුදල රුපියල් 45,000 ක් වන බවයි ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.









