ලංකා විදුලි බල මණ්ඩල සේවක සංගම් විසින් ආරම්භ කරනු ලැබූ අකුරට
වැඩකිරීමේ වෘත්තීය ක්‍ර ියාමාර්ගය අද සිට තීව්‍ර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම
වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.
පසුගිය සතියේ ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍ර ියාමාර්ගය අදියර තුනක් ලෙස
සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත්
සංගම් තීරණය කර තිබුණා.
ඒ අනුව එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය
ආරම්භ කරනු ලැබුවා.
පසුගිය 4 වනදා ආරම්භ කළ මෙම වර්ජනය සදහා අද වන විටත් අදාළ
බලධාරීන්ගෙන් නිසි විසදුම් නොලැබුණු බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ
ඉංජිනේරු සංගමය පවසන්නේ.
එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තීව්‍ර
කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන වෘත්තීය සංගම් සාකච්ඡාවෙන්
අනතුරුව ප්‍රකාශ කරන බවයි.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
- නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
- කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
- ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි














