විදුලිය බිල තවත් සියයට 20 කින් පමණ අඩු කිරීමට ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.
ඒ, විදුලිබල මණ්ඩලය පසුගිය මාස තුන තුළදී රුපියල් කෝටි 8200 ක ලාභයක් ඉපයීම හේතුවෙන්.
විදුලිය බිල සියයට 20 කි අඩුකර එම සහනය ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය පියවර ගත යුතු බවයි ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ මහතා ප්රකාශ කළේ.