අයහපත් කාලගුණික තත්ත්වයන් සහ සුළං තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් 65945ක් වාර්තා වූ බවත් මේ වන විට ඉන් 50%ක් පමණ යථාවත් කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව විදුලි බිඳවැටීම් 33,208ක් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ඉතිරි බිඳවැටිම්ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලයේ සේවකයන් දිවයින පුරා යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.