විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද පස්වරු 1.00 ට නිවේදනය කරන බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පවසනවා.
ගාස්තු සංශෝධනය එක් එක් පාරිභෝගික කාණ්ඩය අනුව වෙනස් වන බවයි එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.
ලංකා විදුලිබල මණ්ඩලය සියයට 18.3 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කර තිබුණ ද මහජන උපයෝගිතා කොමිසම සියයට 9 ගාස්තු ඉහළ යෑමක් පමණක් යෝජනා කර තිබෙනවා.