ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙනවා.
පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් ලැබී තිබුණා.
විපක්ෂව ඡන්ද 25ක් ලැබී ඇති බවයි වාර්තා වුනේ.
ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත වූ බවයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කළේ.