වෑන් රථයක් අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා ගිය තරුණයින් පිරිසක් රැගත් වෑන් රථයක්.
නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදී අද අලුයම 5:00ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පිරිස ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කිරිමටයි පියවර ගෙන ඇත්තේ.
වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුර හේතුවෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් නානුඔය පොලීසිය සදහන් කලා