වැලිගම ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට නියමිත අය-වැය වාර්තාව වැඩි ඡන්ද 23කින් සම්මත වී තිබෙනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතා පසුගියදා ඝාතනය කිරීම හෙළාදකිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී සභාවට පැමිණි තිබෙනවා.
එම ප්‍රාදේශීය සභාව අද දිනයේදී රැස්වූයේ වැබඩලන සභාපති ලෙස උපසභාපති දෙනගම රාහුල හිමියෝ කටයුතු කරමිනි.
එහිදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අයවැය සඳහා පක්ෂව ඡන්දය භාවිත කළ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය ලබාදීමෙන් වැළකී සිට තිබෙනවා.
ඒ අනුව අයවැය වැඩි ඡන්ද 23කින් සම්මත වී තිබෙනවා.













