ජාතික ජන බලවේගයට බලය හිමි වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡණ්ද 12කින් සම්මත වී තිබෙනවා.
සභාපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව සිදු කරන ලද ඡන්ද විමසීමේදී සභිකයන් 12 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
අයවැයට විපක්ෂය සභිකයන් දෙදෙනෙක් පමණක් ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.
වැලිකන්ද ප්‍රාදේශීය සභාව සභිකයන් 17 දෙනෙකුගෙන් යුක්තයි.
ඒ අනුව ජාතික ජන බලවේගය සභික ධුර 8ක්ද සමගි ජන බලවේගයට සභික ධුර 4ක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 2ක්ද පොදුජන පෙරමුණ එක්සත් පෙරමුණට සභික ධුර 2කක්ද එක්සත් ජාතික පක්ෂයට සභිකධුරයක්ද හිමියි.
වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරියක් මීට මාස දෙකකට පමණ ඉහතදී සිදු වූ යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියා.
අයවැය ඡන්දය විමසන අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි ආර්.ඩබ්ලිව්. සේපාලිකා මහත්මිය ස්වාධීන වී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.













