කිබුලාඇලේ ගුණාගේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(11) දින වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 18/5/ඩී, මීතොටමුල්ල පටුමග, මීතොටමුල්ල පාර වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපට මාර්ගයේදී කරන ලද වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී කොළොන්නාව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කිඹුලාඇළේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක් සහ විද්‍යුත් තරාදියක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් කියා සිටියේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරික්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.













