වාහන සදහා නව අංක තහඩු නොවැම්බර් මස 15 වනදා වනවිට ලබාදීමට කටයුතු කරන බව සභානායක ,ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීයි .
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.
සභාවේ මුලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව “පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වන වාර්තාව” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත් වීමටයි කටයුතු කලේ.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී අද පෙරවරුවේ සභානායක , අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ මේ වනවිට අංක තහඩු නොමැති වාහන විශාල ප්‍රමාණයක් වෙළෙදපොළ තුළ පවතින බවයි.
ඒ අනුව නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් අංක තහඩු නිකුත් කිරීමට ඉතා කඩිනමින් කටයුතු කරන බවයි සභානායකවරයා ප්‍රකාශ කලේ.
එමෙන්ම පෙර පැවති වෙළෙඳ සමාගම් මෙන්ම දේශපාලන ක්‍රියාවන්හි දූෂිතභාවය හා වගකීම් විරහිතභාවය හේතුවෙන් මෝටර් රථ දෙපාර්තමේනතුව වසර 10ක් වැනි කාලයක් කිසිදු දියුණුවකින් තොරව පැවති බවද ඔහු පැවසුවා.
නව රියදුරු බලපත්‍රයක්ද සකස් කරන බවත්, අංක තහඩු නොමැති වාහන සඳහා එළැඔන සතියේ දී තාවකාලික විසදුම් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.