දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා අද දිනයේ ඉහළ යා හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.
ඒ අනුව, වායු ගුණ තත්ත්ව දර්ශකය 86 ත් 120 ත් අතර අගයක දිනය පුරා පැවතිය හැකි බව සදහන්.
මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමු වන ලෙස දැනුම් දී තිබෙනවා.