ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2007 වසරේ ආරම්භ කරන ලෙස මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබුණද මේ වසර දක්වා එය ක්‍රියාත්මක වී නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය වුණා.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවා තිබුණා.
එම අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය වූ අතර එම කමිටුව පැවසුවේ වසර 18 ක කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රසම්පාදනය ක්‍රියාවලියකින් තොරව ක්‍රිියාත්මක වී ඇති බවයි.