ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් වසර 10කට පමණ පසු ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ තිබුනා.
ඒ එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට පැමිණ තිබෙන්නේ වසර 10කට පමණ පසුවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා එහි සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කලේ ජනතාව වත්මන් ආණ්ඩුවට විරෝධය පල කිරීමේ විරෝධතා රැලිය එළඹෙන 21 වනදා සිට ආරම්භ කරන බවයි.













