වසරේ ගෙවුණු කාලය තුළ මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා.
ඔවුන් සඳහන් කළේ ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
2016 වසරේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කෙරුණු අතර විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය වාර්තා වන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කලා.
විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ 071 284 1767 යන දුරකතන අංකය ඔස්සේ මැලේරියා රෝගය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බවයි.