2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා වූ වසරක කාලය තුළ කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 2183ක් 1938 අංකයට ලැබී ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 1488ක් ලැබී ඇත්තේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට අදාළව බවයි වාර්තා වන්නේ.
සයිබර් අපරාධ ඝනයේ පැමිනිලි 234ක් ලැබී ඇති අතර පැමිණිලි හතක් දූෂණය සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.
පැය 24 පුරා භාෂා තුනෙන්ම ක්‍රියාත්මක 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය වැඩි දියුණු කිරීම සහ ප්‍රවර්ධනය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍ය්නතර දිනය ලබන 25 වනදාට යෙදී ඇති අතර එදිනෙන් ඇරඹෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩතයට එහෙි දින 16 වැඩපිළිවෙළ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 10 වන දිනෙන් එම වැඩසටහන අවසන් වීමට නියමිත බවත් තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා කාන්තාවන් බලගැන්වීම මෙහි අරමුණ බවයි.













