ඊයේ අතුරුගිරිය පොලිස් වසමේ ගජබා මාවත ප්‍රදේශයේදී වරෙන්තු 88ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
සැකකරු විදේශ රටක රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා පුද්ගලයිගෙන් මුදල් ලබාගෙන වංචාකර සැඟව සිටි තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 56 ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුහට මෙම මුදල් වංචා කිරීම් සම්බන්ධව මොරටුව, ගාල්ල, වරකාපොල හා පානදුර යන මහෙස්ත්‍රාත් අධිකරණයන් මගින් වරෙන්තු 88 ක් නිකුත්කර තිබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.













