කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි දෙකක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ වරාය නගරයේ ආයෝජන සදහා අවසර ලබා දීමේ රෙගුලාසිය හා ඒ සදහා අය කරන ගාස්තු පිළිබද යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.
එමෙන්ම ඩොලර් බිලියන 2.5ක පමණ වටිනාකමක් සහිත ආයෝජන වරාය නගරයේ ක්රියාත්මක කිරීමට දෙස් විදෙස් ආයෝජකයින් මේ වන විටත් කැමැත්ත පළ කර ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්රී එස් . බී. දිසානායක මහතා ද අදහස් පළ කළා.