වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අරලගංවිල කනිච්චියාගල ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුව තිබෙනවා.
ඉදල් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට එම පුද්ගලයා ගොස් සිටියදී පහරකෑමට ලක්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ රුහුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හැට හතක් පමණ වන පුද්ගලයෙක් මෙලෙස වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.