තලවකැලේ ලිඳුල වෝල්ටී්‍රම් වතුයායේ වතු කම්කරු පවුල් 24ක් සඳහා නව නිවාස 24ක් ඉදිකිරීම් කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහ්තමියගේ ප්‍රධානත්වයෙන් අද(04) එම වතු යායේදී සිදුකර තිබෙනවා.
2015 වසරේ එම වතුයායේ නායයාමේ අවදානමකට ලක්ව තාවකාලිකව එම වතුයායේ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටි පීඩාවට පත් වතු කම්කරුවන් වෙනුවෙන් මෙම නිවාස 24 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ සහිතව ලබාදුන් එම වතුයායේ ඉඩමක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන සහ ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 32ක ප්‍රතිපාදන වැය කිරීමට නියමිතයි.
විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක්, සනීපාරක්ෂක පද්ධතියකින් සමන්විත මෙම එක් නිවසක් වර්ග අඩි 750කින් සමන්විත වන අතර එම නිවස පර්චස් 10ක ඉඩමක ඉදිකිරීම් කරනු ලබනවා.
සෑම නිවසකට විදුලිය, මංමාවත් සහ පිරිසිදු පානිය ජල යෝජනා ක්‍රමයක් ලබාදීමටද යෝජනා කර තිබෙනවා.
මෙම නිවාස ඉදිකිරීම් කටයුතු මානව වැවිලි භාරය මගින් සිදුකරන අතර නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති මලිදුව ලියනගේ, වතු පාලන අධිකාරියේ නිලධාරීන් සහ විශාල පිරිසක් සහභාගිව තිබෙනවා.












