වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යා මණ්ඩලයටත් විශ්‍රාම යාමේදී පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම කැබිනට් පත්‍රිකාව මේ වන විට සාකච්ඡාවට බඳුන් වීම ඇති බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා වතු සේවක සංගමයේ 105 වන සංවත්සරය නිමිත්තෙන් අද(07) දින හැටන් උත්සව ශාලාවක පැවැති උත්සවයකදී එම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ වසර 76ක් පැවැති රටේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කරමින් නව රජයක් යටතේ රටේ ආර්ථිකය ඉහළ දැමීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.
මේ රටේ දූෂණය, වංචාරව, නාස්තිය අවම කර බදු නොගෙවන්නන්ගෙන් පිරිසකගෙන් බදු මුදුල් අය කරගෙන රටේ ආර්ථිකය ඩොලර් බිලියන හයක් දක්වා වැඩි කිරීමට හැකි වූ බවද ඇමැතිවරයා කියා සිටියා.
තවද මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට වතු සමාගම් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කරනවාට සමගාමීව වතු කාර්ය මණ්ඩලවලද වැටුප් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.
2030 වසර වන විට මේ රටේ තේ නිෂ්පාදනයත් පොල් නිෂ්පාදනයත් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒස ඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියා.
මෙම උත්සවයට සහභාගි වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ මහතා කියා සිටියේ රටේ ආර්ථිකය ඉහළ දැමීමට සහ රටේ සංවර්ධනය වෙනුවෙන් රජය ගන්නා ඕනෑම තීරණයකට තම සංගමයේ සහයෝගය ලබාදෙන බවයි.
මෙම අවස්ථාවට එහි සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකය්න විශාල පිරිසක් එක්ව සිටියා.