මධ්‍යම කඳුකරයේ විවිධ පීඩාවන්ට පත්ව ඇති අහිංසක ජනතවගේ යහපත වෙනුවෙන් විප්ලවවාදී ජනතා බලය නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට පියවර ගත් බව එහි මහලේකම් නීතිඥ අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසනවා.
හැටන් හි පිහිටි එම පක්ෂ කාර්යාලයේදී ඊයේ(25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූ අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.
වන විට මධ්‍යම කඳුකරයේ විශේෂයෙයන් වතු ආශ්‍රීත ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.
ඒත් එම අයගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව කරනු ලබන අවදානයක් අල්ප තත්ත්වයන්ට පත් වෙලා තියෙන්නේ එම නිසා එම ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ දැඩි වධානයක් යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීම සඳහා මෙම නව පක්ෂය පිහිටුවීමට පියවර ගත්තා.
මගේ පියා වන දිවංගත පී. චන්ද්‍රසේකරන් මහතා කඳුරට ජනතා පෙරමුණ ආරම්භ කළේ මේ මධ්‍යම කඳුකරයේ විවිධ පීඩාවන්ට ලක්වෙලා දුක් විඳින ජනතාවගේ ප්‍රශ්න විසඳලා ඔවුන්ට යම් සහනයක් ලබාදීමටයි.
ඒ අනුව ඔහු මේ වතුකර ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය කටයුතු කරමින් තනි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා.
ඒත් මගේ පියාගේ අභාවයෙන් පස්සේ එම කටයුතු ඇනිහිටියා.
එමෙන්ම එම පක්ෂයෙන් මධ්‍යම කඳුකරයේ විශේෂයෙන් වතුකර ජනතාවගේ ප්‍රශ්නවලට ඔවුන්ගේ බලාපොරොත්තු වන සේවයයක් නිසි ලෙස ලැබුණේ නැහැ.
එම තත්ත්වයන් මත මම කඳුරට ජනතා පෙරමුණේ පැරණි සාමාජිකයන් පිරිසක් සමග සාකච්ඡා කරලා විප්ලවවාදී ජනතා බලය නමින් නව පක්ෂයක් ආරම්භ කිරීමට පියවර ගත්තා.
මේ වන විට මෙම පක්ෂය මේ වන විට ලියාපදිංචි කරපු දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන තියෙන්නේ.
මේ විප්ලවාදී ජනතා බලය පක්ෂය තුළින් ඉදිරියේදී මේ මධ්‍යම කඳුකරයේ අහිංසක ජනතාව සඳහා විශාල සේවයක් කිරීමට සැලසු් කර තියෙන්නේ.
ඒ අනුව ඉදිරියේදී අපි මේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමටත් කටයුතු කරනවා.













