ජාතික සමගිය විදහා දක්වමින් බෞද්ධ, හින්දු. කතෝලික බැතිමතුන්ගේ සහායෙන් ඉදිකළ බුදු මැදුර මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් විවෘත කර තිබෙනවා.
මස්කෙළිය, මෝකා තේ වතුයායේ පදිංචි බෞද්ධ, හින්දු, කතෝලික ජනතාවගේ හා ප්‍රදේශයේ වතු අධිකාරිවරුන්ගේ, ව්‍යාපාරික ප්‍රජාවගේ මෙන්ම පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් ඉදිකරන ලද බුදු මැදුර ඉකුත් 26 වනදා සුභ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ විවෘත කරනු ලැබුවා.
ජාතික සමගිය තවදුරටත් සුරක්ෂිත කර රටටම ආදර්ශයක් දෙමින් බහුතරයක් දමිළ හින්දු බැතිමතුන් දිවිගෙවන වතුකරය ප්‍රදේශයේ මෙම බුදු මැඳුර ඉදිකිරීමට පියවර ගත් බව මස්කෙළිය ශ්‍රී සුමනාරාමාධිපති තපෝවනයේ සුසීත හිමියන් පැවසුවා.
මෝකා තේ වතුයායේ ශ්‍රී සුමන බෞද්ධ සමිතියේ සංවිධායකයින් හා දායක සභාව මස්කෙළිය ශ්‍රී සුමනාරාමාධිපති තපෝවනයේ සුසීත හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත මෙම බුදු මැදුර ඉදිකිරීම සඳහා වසර ගණනක් තිස්සේ දැඩි කැපවීමකින් හා දායකත්වයක් ලබා දෙමින් කටයුතු කර තිබෙනවා.
මෙම අවස්ථාවට මස්කෙළිය ශ්‍රී සුමනාරාමාධිපති තපෝවනයේ සුසීත හිමියන් මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික නායකයින්, ප්‍රදේශයේ බෞද්ධ, හින්දු, කතෝලිකබැතිමතුන්, වතු අධිකාරිවරුන්, ව්‍යාපාරිකයින්, වතු කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.













