ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීම සඳහා වූ විධායක නියෝගයට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට ඔහුගේ පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එක්සත් ජනපදය WHO හි ඉහළම පරිත්‍යාගශීලියා ලෙස සැලකෙන අතර, අමෙරිකාව වසරකට ඩොලර් මිලියන 130ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වන්නේ.
එමෙන්ම HIV, ක්ෂය රෝගය සහ ළමා එන්නත් සඳහා විසඳුම් සෙවීමටද අමෙරිකාව මැදිහත් වී කටයුතු කළා.