ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් ව තිබෙනවා.
ඇයගේ නිල මුහුණුපොතේ සටහනක් තබමින් අද (29) පස්වරුවේ මේ බව ලාංකික සුවහසක් ජනතාවට දැනුම්දී තිබෙනවා.
එමෙන්ම මල්ටිමීඩියා තරග වටයෙන් ආසියාවෙන් ම පළමු වරට අනුශූරතාවක් දිනාගත් තරගකාරිණිය වන්නේ ද අනුදි ගුණසේකරයි.
මෙම ජයග්‍රහණයත් සමඟ,තරගකාරිණියන් 108 දෙනෙකුගෙන් බහුමාධ්‍ය (මල්ටිමීඩියා) අභියෝගයේ ඉහළම ජාත්‍යන්තර ජයග්‍රාහකයින් 8 දෙනා අතරට පත්වීමට ද අනුදි වාසනාවන්ත වුණා.ශ්‍රී ලාංකිකයින් වන අප සියලු ම දෙනාට මෙම ජයග්‍රහණය ඓතිහාසික මොහොතක් ලෙස සඳහන් කල හැකියි.
ලෝක රූ රැජින තරගාවලියක Multimedia Challenge තරග වටයේ ජය හිමි කරගත් පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හා භාග්‍යය ද අනුදිට මේ සමග හිමිවනවා.