ලොව ප්‍රකට මෙටා සමාගමේ ෆෙස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් යුරෝපා සංගමය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංගනය කර ඇති බවටයි මෙටා සමාගමට චෝදනා එල්ල වී ඇත්තේ.
අදාළ සමාජ මාධ්‍ය ජාලා මගින් දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් දරුවන්ගේ මානසික සෞඛ්‍යට එමගින් හානි සිදුවන බවත් අනාවරණ වී තිබෙනවා.